අමාරුවෙන් මන්ගල ටෙස්ට් ශතකය ලබාගත් ලන්කාවේ පිතිකරුවෝ
ක්‍රීඩා අසීරුවෙන් මංගල ටෙස්ට් ශතකය ලබාගත් ලංකා පිතිකරුවෝ Sahan sankalpa 2020/06/07 ©sahan sankalpasankalpa Share https://roar.media/sinhala/main/sport/maiden-test-centuries Copy Link 626 නැරඹීම් Share Save for later මංගල ටෙස්ට් ශතකය ලබාගැනීම ඕනෑම පිතිකරුවෙකුගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන සිදුවීමක්. සමහර පිතිකරුවන් ඉතාමත් පහසුවෙන් එමද් දස්කම දැක්වුවත්, සමහර පිතිකරුවන්ට තම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට සිදුවුණේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව මංගල ටෙස්ට් ශතකය ලබාගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු හමුවනවා. ඔවුන් සියලුදෙනාම මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙර ඉනිම් කිහිපයක දීම ශතකය අසලටම පැමිණ එය අහිමි කරගත්තේ ඉතාමත්ම අවාසනාවන්ත අයුරින්. ©sahan sankalpa රංජන් මඩුගල්ලේ 80 දශකයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ රංජන් මඩුගල්ලේ අවස්ථාවන් 2ක දීම ටෙස්ට් ශතකය අසලටම පැමිණ එය අහිමිකරගත්තේ අනිත් අන්තයෙන් සහායට පිතිකරුවෙකු නොමැති වුණු නිසා යි. එම නිසාම රංජන්ට සිය මංගල ටෙස්ට් ශතකය ලබාගැනීමට වසර 3ක් පම